ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද ට්‍රම්ප් අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පැන වූ අතර, ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව චීනයේ එම තීරණය පිළිතුරු ලෙස මෙලෙස අමෙරිකාව යළිත් වරක් චීනයට එරෙහිව මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා තිබේ.

කෙසේ ලොව ට්‍රම්ප් ඉකුත් අප්‍රේල් 2වනදා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *