දඩ ඔන්ලයින් ගෙවීමේ පහසුකම ලබා දෙන්න නියමු ව්‍යාපෘතිය GovPay ඔස්සේ අරඹයි

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකිය.

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව මේ මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අද දෙරණ ට සඳහන් කළේය.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වනදා සිදුකළේය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *