ඔන්ලයින් ඔස්සේ කැවුමක් රුපියල් 100කට විකුණයි


අලුත් අවුරුද්දේ අවුරුදු කැවිලි මේසය සදහා හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්.

කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෙවර අන්තර්ජාලය හරහා අවුරුදු රස කැවිලි ඇනවුම් කිරීම් වැඩි වශයෙන් සිදුවන අතර, ඊට සමගාමීව එම රස කැවිලි වල මිලද ඉහළ ගොස් ඇති බවටයි අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ.

ඒ අනුව, අවුරුදු කෑම මේසයේ ප්‍රධාන අංගයක් වන කැවුම් වර්ග අන්තර්ජාලය හරහා රුපියල් 100ත් 120 ත් අතර මිලකට අලෙවි කෙරෙනවා.

මීට අමතරව ආස්මියක් අලෙවි කරන්නේ රුපියල් 170 කටයි.

එමෙන්ම, පැණි වලල්ලක් රුපියල් 100 කටත්, කොකිසක් රුපියල් 40 ක් 60 ත් අතර මිලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *