GovPay හරහා Online රථවාහන දඩ ගෙවන නියමු ව්‍යාපෘතිය අද අරඹයි

රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද(11) ආරම්භ වේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරිමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

දැනට ක්‍රියාත්මක වන්නේ රියැදුරන් විසින් කරනු ලබන රථවාහන වැරදි සදහා පොලිස් නිලධාරී විසින් නිකුත් කරන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවිම සිදුකිරිමයි.

එම කුවිතාන්සිපත නැවත පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රියැදුරු බලපත්‍රය නැවත ලබා ගැනීම සිදු කෙරේ .

ව්‍යාපෘතිය අද(11) සිට මේ මස 30 වැනි දින දක්වා කුරණෑගල,දොරටියාව,මැල්සිරිපුර,ගොකරැල්ල,ගලේවෙල,දඹුල්ල,මඩාටුගම,මරදන්කඩවල,කැකිරාව,තිරප්පනේ,කවරක්කුලුම, හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය පරිදි ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *