වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.
ඇප නියෝගය අධ්‍යනය කිරීමේන් අනතුරුව මහාධිකරණය හමුවේ මෙම අයදුම්පත ඉදිරිපත් කරන බවයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.