රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මුලික පදනම සාර්ථක කරගැනීමට හැකි වු බව ජනාධිපති නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.
ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා දුෂ්කර ගමනක් යා යුතු බවත් මෙහිදී සියළු ලාංකිකයන් වෙත වඟකිමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.
නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව පෙරදැරිව බව සඳහන් කරන ජනාධිපතිවරයා, අනාගතය දෙස පමණක් නොව අතීතයද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනාගෙන ඉදිරියට යා යුතු බව සිය සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.