මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම පළමුවරට ඩොලර් බිලියනය ඉක්මවයි


ඉතිහාසයේ පළමුවරට මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා.

නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම ඊට ප්‍රධානම හේතුව බවයි මහ බැංකුව සඳහන් කළේ.

එසේම, රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇති වූ බාධා ද ඊට හේතුවී තිබෙනවා.

පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 12.8 ක් වූ අතර, 2023 වසරට සාපේක්ෂව එය සියයට 7.02 ක වර්ධනයක්.

අපනයන ආදායම වර්ධනයට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ඇතුලු කාර්මික අපනයනවල ඉහළ යාමද හේතුවූ බව මහ බැංකුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *