බදු ගැන සාකච්ඡා කරන්න ඇමතිවරයෙක් සමග විශේෂ දූත පිරිසක් ලබන සතියේ අමෙරිකාවට

ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයට යාමට නියමිතව තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ‘මව්බිම’ සිදු කළ විමසීමකදී මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයෙකු හෝ දෙදෙනකු ඇතුළු දූත පිරිස ලබන සතියේ අමෙරිකාවට යාමට නියමිත බව ය.

එම දූත පිරිස පිළිබඳව අවසන් තීරණය තව ම ගෙන නොමැති බව ත් ඉදිරි දින කිහිපයේදී ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බව ත් සභාපතිවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *