පිල්ලෙයාන් සහ කරුණා කොහොමටවත්ම විශ්වාස කරන්න බෑ – හිටපු ජනාධිපති මෛත්‍රී

පිල්ලෙයාන් සහ කරුණා යන පුද්ගලයන් දෙදෙනා කිසිසේත්ම විශ්වාසය තැබිය හැකි අය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ, හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් යන දෙදෙනා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරු යටතේ ඇමති ධූර දරා තිබුණි.

ඔවුන් දෙදෙනාට ඇමති ධූර ලබා දීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දැඩි අප්‍රසාදය මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.

කරුණා සහ පිල්ලෙයාන් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධව සිටිය දී ඔවුන් සිංහල දෙමළ මුස්ලිම් යන සියළු ජනවර්ගයන්ට එරෙහිව කටයුතු කර තිබෙන බව පවසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔවුන් දෙදෙනා විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයන් දෙදෙනෙකු බවත්, ඔවුන්ට එරෙහිව කතා කිරීමද අවදානම් බවත්, අවශ්‍ය ඕනෑම මොහොතක පැමිණ තමන්ට වුවද (වෙඩි) “තියලා” යන්න ඔවුන්ට පුලුවන් බවද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *