හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන්ට දුරකථන ඇමතුමක් ලබා දීමට ගෙන තිබුණු උත්සාහය රට තුළ යම් ආන්දෝලනයක් ඇති කර තිබුණි.
මෙම ප්‍රවෘත්තිය වාර්තා වී දින කිහිපයක් ගත වී තිබුණද, ඒ සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් සිදුව තිබුනේ නැත.
කෙසේ වෙතත්, මේ වන විට එජාප මහලේකම් තලතා අත-ුකෝරාල මහත්මිය, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා පිල්ලෙයාන් ඇමතීමට උත්සාහ දරා ඇත්තේ, පිල්ලෙයාන් ඔහුගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටි බැවිනි.
සිය අමාත්‍ය මණ්ඩලයේ සිටි සාමාජිකයෙකු හදිසියේම අත්අඩංගුවට පත් වී නම්, ඒ පිළිබඳව සොයා බැලීම ශිෂ්ඨසම්පන්න මනුෂ්‍යයෙකුගේ යුතුකමක් බව තලතා අතුකෝරාල මහත්මිය පවසයි.
හිටපු ජනාධිපතිවරයා පිල්ලෙයාන් ඇමතීමට උත්සාහ දරා ඇත්තේ, හදිසියේම සිද්ධ වී තිබෙන දේ පිළිබදව ඔහුගෙන් දැන ගැනීමට බවද තලතා අත-ුකෝරාල මහත්මිය පවසයි.