ඉහලම රජයේ නිලධාරින් 50කට නඩු පැවරීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි

විමර්ශන අවසන් කළ චෝදනා 50 ක් පමණ ප‍්‍රමාණයකට ඉතා නුදුරේදී අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී.

මෙම පැමිණිලි බහුතරය රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ලැබුණු ඒවා වන අතර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි ද ඒ අතර වන බව වාර්තා වෙයි.

මෙම පැමිණිලි අතර මීට කලකට පෙර විමර්ශන කටයුතු අවසන් කර චෝදනා ගොනු නොකළ පැමිණිලි කීපයක් ද වෙයි.

කොළඹ මහාධිකරණය හමුවේ මේ සම්බන්ධ චෝදනා ගොනු කෙරෙනු ඇති බවත් පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *