නව පාප් වහන්සේ පත් කරගැනීමේ අවස්ථාව සඳහා අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉදිරිපත් වන බව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.
ඒ අනුව නව පාප් වහන්සේ පත් කරගැනීමේ අවස්ථාව සඳහා තෝරාගන්නේ කාදිනල් හිමිපානන්ලා බවත් එයින් වයස 80 ට අඩු කාදිනල් හිපානන්ලා තොරාගන්නා අතර ලෝකයේ එවැනි කාදිනල්වරුන් 135 ක් සිටින බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කළා.
අදාළ කාදිනල් හිමිපානන්ලා වතිකානයට රැස්වී සිස්ටයින් චැපල් නැමති ස්ථානයට යන බවත් එහිදී නව පාප් වහන්සේ ඡන්දයෙන් තොරාපත් කරගන්නා අතර එහිදී නව පාප්වහන්සේ සඳහා තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතු බවද පියතුමා සඳහන් කළා.
එහිදී පළමු අවස්ථාවේ තුනෙන් දෙකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොලැබී ඇත්නම් කළු දුමාරයක් පිටතට යන ලෙස ඡන්ද පත්‍රිකා පුලුස්සා දමන අතර එවිට බාහිර ප්‍රදේශයේ රැස්වී සිටින ජනතාව එම ඡන්ද ප්‍රතිඵලය දැනගන්නා බවත් යම් අවස්ථාවක තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලැබුණු පසු සුදුපාට දුමාරක් පිටතට යන ලෙස පිලිස්සීම සිදු කරන බවත් එවිට ජනතාව නව පාප්වහන්සේ තොරාගත් බව දැනගන්නා බවයි ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.