කොළ​ඹ කොටුව සිට දකුණු පළාත​ට මගී බෝට්ටු ප්‍රවාහන සේවයක් – ශක්‍යතා වාර්තාවක් කැදවන්න රජය තීරණය කරයි

මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන්​ද භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පුත්තලම – කොටුව, කොටුව – ගාල්ල, ගාල්ල – මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරෙන බවත්, හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කර​න බවයි සඳහන් වෙන්නේ.

මෙම ශක්‍යතා අධ්‍යයනය සිදුක​ර එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති​ය ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

image 47 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *