පාස්කු වාර්තාව අධ්‍යනය කිරීමට විශිෂ්ට රහස් පරික්ෂක ශානි අබේසේකරත් එයි

පාස්කු ප්‍රහාරය; ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට ශානි අබේසේකරත් ඇතුළත් කරයි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් අතර, එම වාර්තාව අධ්‍යයනය කිරීම සදහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදී. 

මෙම කමිටුවට සාමාජිකයන් සිව් දෙනෙකු ඇතුළත් වූ අතර, ශානි අබේසේකර මහතා ගේ නම ඒ අතර නොතිබීම යම්කිසි ආන්දෝලනයක් ඇති කළේ ය. 

කෙසේ වෙතත්, මේ වන විට, පොලිස්පතිවරයා විසින් ශානි අබේසේකර මහතාවද එකී කමිටුවට පත්කර තිබෙන බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *