2025 පළමු කාර්තුවේ ඩොලර් බිලියන 4.2ක වාර්තාගත අපනයන ආදායමක් ලංකාවට


2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයන 5.87% කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් ලෙස සටහන් වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

එමෙන්ම සේවා අපනයනය 10.88% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 887.04ක් ලෙස සටහන් වී තිබෙනවා.

වෙළඳ භාණ්ඩ අපනයනය 4.61% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 3.32ක් ලෙස සටහන්ව ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *