ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට රජය වගකිව යුත-ු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු වන නීතීඥ මනෝජ් ගමගේ පවසයි.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසී ය.
ඩෑන් ප්‍රියාසාද් පාතාල කල්ලි සාමාජිකයෙක් නොවන බව නීතීඥ මනෝජ් ගමගේ තහවුරු කරයි.
එමෙන්ම ඔහු මිනීමරුවකු හෝ කුඩු ජාවාරම් කාරයෙකු නොවන බවත්, සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි වීරෝධාර තරුණයෙකු බවත්, නීතීඥ මහතා පවසයි.
ඩෑන් අප්‍රේල් පළමුවැනිදා, මෝඩයාගේ දිනය දා, පාර්ලිමේන්තුව ඉදිරියේ කේක් එකක් කපා ආණ්ඩුවට යම් සරදමක් සිදුකර තිබුණු බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැදවා තිබුණු බවත් නීතීඥ මනෝජ් ගමගේ සිහිපත් කරයි.
රට පුරා සිදු වන පාතාල කණ්ඩායම් හා සම්බන්ධ ඝාතන ගොඩට ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනයත් එකත-ු කිරීමට රජය කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි.
අද ඩෑන් ප්‍රියසාද්ට වුණු දේ හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද විය හැකි බවට නීතීඥ මනෝජ් ගමගේ අනතුරු හගවයි.
විශේෂයෙන්ම, ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බව නීතීඥමහතාගේ අදහසයි.