සිරි දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක් – දැන් සිටම ක්‍රියාත්මකයි

‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

අද (23) රාත්‍රියේ සිටිනම මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. 

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

“අපි අද සිට පෝලිමේ සිටින අයවලුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු කරනවා. අද රාත්‍රියේ සිට ඒ කටයුත්ත ආරම්භ කරනවා. 

ඒ අනුව පළවෙනියට ආපු මහජනතාවට පළමුවෙන්ම දළදා වහන්සේ වැදපුදාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළ අදට සිට ක්‍රියාත්මක වෙනවා” යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *