හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ට හිමි වරප්‍රසාදයක් ලෙස ජනාධිපති කාර්යාලය මගින් ලබා දී තිබෙන වාහන ත-ුනෙන් එක් වාහනයක් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
මෙම දැනුම් දීම සිදු කර තිබෙන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමනායක මහතා විසිනි.
ජනාධිපති ලේකම්වරයා පසුගිය 19 වන දා නිකුත් කර තිබෙන එම ලිපිය මගින් හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ අප්‍රේල් 23 වන දා ට පෙර අදාල වාහන ආපසු ලබා දෙන ලෙසයි.
හිටපු ජනාධිපතිවරුන් වන, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අයට ජනාධිපතිලේකම් කාර්යාලය අදාල දැනුම් දීම සිදු කර තිබේ.