ඡන්ද කාඩ් 85ක් සමග සර්වජන බලය පක්ෂයේ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

ඡන්ද කාඩ් පත් 85 ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරග වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් එලෙස සොයා ගත් බවයි.

පුත්තලම  රත්මල්යාය ප්‍රදේශයේදී,  පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින්, ඇයට ලබා දී ඇතැයි අනාවරණය වී ඇති අතර, සැකකාර තැපැල්කරු ප්‍රදේශයේ පළගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *