දළදා වන්දනාවට පැමිණි තිදෙනෙකු මේ වනවිට මිය ගොස් ඇතැයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක ඉරේෂා ප්‍රනාන්දු පැවසුවා ය.
සිදු කළ විමසීමකදී වෛද්‍යවරිය මේ බව සඳහන් කළා ය.
මිය ගිය පිරිස අතර 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 74 සහ 80 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනකු වන බව වෛද්‍යවරිය කීවා ය.
මෙම මරණකරුවන් පිළියන්දල, ගලගෙදර, ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව ඇය වැඩිදුරට ත් සඳහන් කළා ය.