බංග්ලාදේශයේ දී පැහැරගත් මෙරට කෝටිපති යුවළගේ දිවි ගැලවූ ජනපති අනුරගේ උපදෙසින් ක්‍රියාත්මක වූ රජයේ මෙහෙයුම

ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන ආනන්ද පතිරණ සහ ඔහුගේ බිරිඳ ප්‍රින්සි පතිරණ යන අය බංග්ලාදේශ සංචාරයක් අතුරතුර දී කප්පම් කල්ලියක් විසින් 23 දිනයේ දී පැහැරගෙන තිබේ.

අදාළ කප්පම් කල්ලිය පවසා ඇත්තේ ඔවුන් මුදා හැරීමට අවශ්‍ය නම් ඩොලර් මිලියන 20ක මුදලක් අවශ්‍ය බවයි.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඒ බව දැන්වීමෙන් අනතුරුව ඔවුන් ඉන් මුදවා ගැනීමට වහා ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර දිසානායකගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තෝ, රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය සහ විදේශ කටයතු අමාත්‍යංශයේ සුනිල් සිල්වා යන පිරිස බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සමඟ එක්ව කප්පම් කල්ලිය භාරයේ සිටි එම යුවල මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර තිබුණි.

බංග්ලාදේශයේ පොලිසියේ සහායෙන් එම ව්‍යාපාරික යුවල මුදවාගෙන මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවයි වාර්තා වන්නේ.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *