සිරි දළදා වන්දනාව හෙටින් අවසන් – තවමත් පෝලිම්වල ලක්ෂ 02ක්


පුරා දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව කලින් නියම කරගත් පරිදි හෙට අවසන් වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා මේ වන විටත් ලක්ෂ 2කට අධික පිරිසක් පෝලිම්වල රැදී සිටින බැවින් ඊට අලු‍තින් එක් නොවන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සැදැහැවතුන්ගෙන් යළි යළිත් ඉල්ලීම් කරනවා.

සිරි දළදා වන්දනාවේ 9 වැනි දිනය අද ක්‍රියාත්මක අතර සැදැහැවතුන් අනූ දහසකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දළඳා සමිඳුන් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *