සුවසැරියටත් ඇමති බංගලාවක් ඉල්ලයි

සුවසැරිය (1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

තානාපති කාර්යාල අමාත්‍යාංශ ඇතුළු විවිධ ආයතන 60කට වැඩි ප්‍රමාණයක් ඇමැති බංගලා ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සියලු ඉල්ලීම් සලකා බලා අවශ්‍යතා සහ  ප්‍රමුඛත්වය අනුව බංගලා ලබාදීමට රජය විසින් කටයුතු කෙරෙනු ඇත.

බංගලා ලබාදීමට ප්‍රමුඛත්වය දිය යුතු ආයතන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව  අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ ඇමැති බංගලා පනහකට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර මෙම සියලුම බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට රජය දැනටමත් තීරණය කර ඇත. ඇමති බංගලා ආයතන වලට ලබාදීමට පෙර ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කෙරෙන බව රජය සඳහන් කරයි.

මෙම සියලුම ඇමැති බංගලා වල දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා  යුද හමුදා බට  කණ්ඩායම් යොදවනු ලැබ සිටිති.

Source – Lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *