මහනුවර නගරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර අවසන් කරයි


සිරි දළදා වන්දනාවෙන් පසු මහනුවර නගරය මේ වනවිට සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබෙනවා.

මහනුවර මහ නගර සභාව පැවසුවේ, සිරි දළදා වන්දනාව පැවැත්වූ දින 10 තුළ මහනුවර නගරයේ ටොන් 600කට අධික කැළිකසළ ප්‍රමාණයක් එක්රැස්ව ඇති බවයි.

මේ තරම් කසළ තොගයක් වෙන්කිරීම ඉතා අපහසු බැවින් කොළඹ මහ නගර සභාව වෙත මෙම කසළ තොග යවා ඒවා දහනය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *