ඩොලරය 326 දක්වා වේගයෙන්ම පහළ බසියි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

ඒ අනුව අද (02) දින ඩොලරයක ගැනුම් මිල රු. 316.92 ක් ලෙසත් විකුණුම් මිල රු. 326.85 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර ඊයේ (01) මෙම අගය සටහන්ව තිබුණේ ගැනුම් මිල රු. 319.23 ක් හා විකුණුම් මිල රු. 328.77 ක් ලෙසිනි.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 323.18 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 13 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.

image 3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *