සබරගමු පළාත් සභාවේ ලක්ෂ 716 ක මූල්‍ය වංචාවක් – දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 716 ක මූල්‍ය වංචාවක්; සබරගමුව පළාත් සභාවේ හිටපු ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂිකාව මැයි අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. 

2016 සහ 2017 යන වසරවල සිදු වී ඇති බවට වාර්තා වන, රුපියල් ලක්ෂ 716 කට වඩා වැඩි වටිනාකමකින් යුතු මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, සබරගමුව පළාත්  සභාවේ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂකවරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, මැයි මාසයේ අටවන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *