පිටරට කෘෂි රැකියා කර එන අයට අක්කර දෙකක ඉඩමක් රජයෙන් දෙයි

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසායකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර තිබේ.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව පැවසීය.

විදේශයන්හි කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායකකරගැනීමට මෙම ඉඩම් ලබාදීම තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා මෙම වැඩසහන මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *