එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය නිකුත් කළ නිවේදනයක් මෙහි දැක්වෙයි.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය නිකුත් කළ නිවේදනය
මැයි 1 වැනි දින රට පුරා පොකට් මීටින් (පොකුරු රැස්වීම්) 8,000ක් සංවිධානය කිරීම සඳහා එක්රැස් වූ පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ ආධාර කරුවන්ට එක්සත් ජාතික පක්ෂය කෘතඥතාව පළ කර සිටී.
ජනතාව කෙරෙහි අපගේ කැපවීම ඔවුන්ට මතක් කර දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පෙන්වීමේ බිම් මට්ටමේ රැස්වීම් දහස් ගණනට හැකි විණ.
දේශපාලන පක්ෂයක් සැමරීම සඳහා ජනතාව එක්ක්රැස් කර නගරයට ගෙන ඒමේ සංස්කෘතිය අද අවසන්ය. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කළේ දේශපාලන පක්ෂයක් ලෙස අපගේ පණිවිඩය ගම්වල ජනතාව වෙත ගෙන යාමට අප ප්‍රමුඛත්වය දෙන බවය.
තවද ජාතික ජන බලවේගයේ මැයි දින රැලියේදී ප්රතිරාවය වූ ඉන්දීය රාජ්‍ය විරෝධී හැඟීම ද එක්සත් ජාතික පක්ෂය හෙළා දකී.
අපගේ ආර්ථික අර්බුදය පැවති සමයේදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වූයේ ඉන්දීය රජයයි.
පාලක පක්ෂයේ මැයි දින රැලියේදී ඉන්දීය රජයට එල්ල වූ කර වූ අනවශ්‍ය ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා නිතැනින්ම අනතුරේ හෙලන්නේය.