පොහොට්ටු පක්ෂයෙන් ඉමදූව ප්‍රාදේශය සභාව සදහා තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවෙ ගෙන තිබේ.
ඔහු, දැනට අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් නිළධාරියා ලෙස කටයුතු කරන අතර ඔහුට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ, උණවටුන ප්‍රදේශයේ හෝටලයක් සදහා වෙළද බලපත්‍රයක් ලබා දීමට රුපියල් විසිපන්දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමයි.
අදාල පුද්ගලයා අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දී ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.