සංචාරකයින් පැමිණීම වේගයෙන් ඉහළට – පළමු මාස 04ට ලක්ෂ 09ක් එයි

අප්‍රේල් මාසය අවසන් වන විට, විදේශීය සංචාරකයන් 896,884 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. 

මෙය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය හා සසදා බැලීමේ දී 14.3% ක වර්ධනයකි. 

අප්‍රේල් මාසය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 180,429 කි. 

මෙම වසර තුළ සංචාරකයන් මිලියන තුනක ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමටත් ඉන් ඩොලර් බිලියන පහක ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *