ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත අද (04) පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
මෙම පැමිණිල්ල නීතිඥ අකලංක උක්වත්ත විසින් ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුමද එම අවස්ථාවට එක් වී සිටියහ.