බොන්න ගත් කසිප්පු බඩු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු තමා මිලදීගත් කසිප්පු හොඳ නැති බවත් ඒවාට යමක් කවලම් කර ඇති බවත් පවසමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අධිකරණයේ පෙනී සිටීම සඳහා දිනයක් ලබාදී පොලිස් ඇප මත මුදාහැර තිබේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් කසිප්පු සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *