ජලාශ පිරී උතුරන්නේ ජනපතිගේ පිං බලයෙන් – වජිර කියයි

අද වන විට මෙරට සියලුම ජරාස පිරී ඉතිරි යමින් ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පිං බලය නිසා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පින්වන්ත ජනාධිපතිවරයාම තමයි, ඒ හින්දා තමයි වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල, මාදුරු ඔය, ඉඟිණිමිටිය ඔක්කොම අවුරුදු 30කට පස්සේ සම්පූර්ණයෙන්ම ජලාශ පිරිලා, ජලයෙන් අවශ්‍ය සම්පත ශ්‍රි ලංකාවට ලැබිලා, ඔබට අවශ්‍ය ආහාර සම්පත සාර්ථක කරගන්න අවශ්‍යය ස්වාභාවධර්මයෙන් සහයෝගය ලබා දෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *