දරුවාගේ වකුගඩු සැත්කම වෙනුවෙන් රජයේ මූල්‍යාධාර ඉල්ලා සිටි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සංවර්ධන නිළධාරියාට 20 වසරක සිරදඩුවමක්

සිය සත් වියැති දරුවාට සිදු කළ යුතු වකුගඩු සැත්කම වෙනුවෙන් රජයේ මූල්‍යාධාර ලබා ගැනීමට උත්සාහ කළ තිස් වියැති මවකගෙන්, එම මූල්‍යාධාර ලබා ගැනීමට ඇයට උපකාර කිරීමට සූදානම් බව පවසා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියෙකුට වසර විස්සක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. 

2015 වසරේ මාර්ත-ු 31 වන දා අල්ලස් කොමිසමේ නිළධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, අදාල ආධාර මුදල් අනුමත කිරීම සදහා එම සැකකරු, වින්දිත තරුණ මව තිස්සමහාරමය ප්‍රදේශයේ පිහිටා තිබෙන හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේ දී ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *