ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පවරා තිබෙන නඩුව විභාගයට ගැනීම සදහා ත්රීපුද්ග විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
නීතිපතිවරයාගේ ඉල්ලීම මත මෙම ත්රීපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
මෙම ත්රීපුද්ගල විනිසුරු මඩුල්ල මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරුවරුවන්ගෙන් සමන්විත වේ.
කෙසේ වෙතත්, නුදුරු දිනයක දී විශ්‍රාම යාමට නියමිතව සිටින මහේන් වීරමන් මහතා මෙම ත්රීපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉවත්වන බව දැනටමත් දැනුම් දී ඇති බව වාර්තා වේ.