මාව තියන් ඉන්නේ දේශබන්දුටයි,ටිරාන්ටයි කෝටි 30ක් නොදුන්න නිසා – හරක් කටා කියයි

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටත්වයට පත් හරක්කටා හෙවත් නදුන් චින්තක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අද (14) පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ඔහු ව රැගෙන යන අතරතුරදියි සැකකාර හරක්කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ.

තමන්ව තංගල්ලේ රුපියල් කෝටියක් පමණ වියදම් කරමින් තබාගෙන සිටින්නේ ඉහත කී ප්‍රබලයින් හට අදාළ මුදල ලබා නොදුන් නිසා බවයි හරක්කටා සඳහන් කරන්නේ.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (14) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

එම නියෝගයෙන් අනතුරුව අධිකරණයෙන් එළියට පැමිණෙමින් සැකකාර නදුන් චින්තක නමැත්තා මෙම ප්‍රකාශය සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *