හිටපු ඇමති මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම වරෙන්තුවක් ලබා ගනියි

චීන පොහොර ගෙන්වීමේ සිදුවීමට අදාල විමර්ශනයට අදාලව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා රාජගිරියේ ඔහු පදිංචිව සිටි ස්ථානයේ සොයා බලා ඇති නමුත්, ඔහු එම ස්ථානයේ නොසිටීම නිසා ඔහු සොයා පොලිස් කණ්ඩායම් යොදා ඇතැයි පොලිස් ආරංචිමාර්ග පැවසුවා.

මැයි 16 වැනිදා අදාල වරෙන්තුව ලබාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *