සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් සුපිරි වාහන 06ක් වෙන්දේසි නොකර සගවයි – ඇමති නලින්ද ජයතිස්ස වහා මැදිහත් වෙයි

රජයේ ආයතනවල වියදම් අධික සුඛෝපභෝගී වාහන වෙන්දේසි සඳහා ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන හයක් සඟවා තබාගෙන ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මීට පෙර දැනුම් දී තිබිණි. චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ මෙලෙස වෙන්දේසි කරනු ලබන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ බවයි.

එලෙස චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හයදෙනකු අදාළ වාහන හයම වෙන්දේසියට ඉදිරිපත් කර නොමැති බව පැවසේ. මේ පිළිබඳ සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්සද දැනුවත් වී තිබේ. මේ වනවිට එම වාහන වෙන්දේසි කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් කමිටුවක්ද පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *