ගෝඨාගේ මිග් යානා නඩුව ප්‍රමාද ඇයි..? ජනපති නීතිපතිගෙන් අසයි

දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීම තවදුරටත් ප්‍රමාද වීමට හේතුව ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා නීතිපතිවරයාගෙන් විමසා ඇති බව වාර්තා වේ.

නීතිපති සහ අධිකරණ ඇමති ඇතුළුව ඉහළ නිළධාරීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය මතුකර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එහිදී ජනාධිපතිවරයාට ලැබී ඇති පිළිතුර වන්නේ, අදාල රටවල් මෙම වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා අවශ්‍ය සහාය තමන්ට ලබා නොදෙන බවයි.

අන්‍යෝන්‍ය නීති ආධාර යටතේ අවශ්‍ය සහාය ලබා දීමට එම රටවල් බැදී සිටින නමුත් අපේක්ෂා කරන මට්ටමෙන් එය සිද්ධ නොවන බව මෙහිදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධ කර ගනිමින්, අදාල රටවල තානාපති අංශ හරහා අවශ්‍ය සහාය ලබා ගත හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *