පළාත් පාලන ඡන්දෙට කුඩු සල්ලි ඇවිත් – ජනපති අනුර විමර්ශනයක් ඉල්ලයි

පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මැතිවරණය සදහා මුදල් යොදවා ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා පොලිස්පති, නීතිපති, අධිකරණ ඇමති ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් රැසක් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

ජාවාරම්කරුවන්ගේ සහයෝගය ලැබුණු සැලකිය යුතු සංඛ්‍යාවක් තේරීපත්ව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කර තිබේ.

ඒ අනුව, ඊට අදාල විමර්ශන අරඹන ලෙස ජනාධිපතිවරයා අදාල පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ජාවාරම් කරුවන්ට පවතින රාජ්‍ය තන්ත්‍රයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන තත්ත්වයක් තුළ ජවාරම්කරුවන් ඔවුන්ගේ මිනිසුන් පාලන තන්ත්‍රය තුළට රිංගවීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසා තිබේ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්ව ජන බලය යන පක්ෂවලින් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වු ඇතැම් අපේක්ෂකයන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් හෙළිදරව්වක් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *