මාලිමාවට කොළඹ බලය ගන්න ජනපති සහ ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන්  සමග අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය  ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *