අඩුම මිලට කාර් ගේන ඇණවුම ඉන්දියාවට

රජය විසින් මෝටර් රථ ආනයනයට යළිත් සීමිත අවසරයක් ලබා දෙනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටී.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ එසේ ආනයනය කිරීමට සලකා බලමින් සිටී.

මීට අවශ්‍ය කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බවද සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් කුඩා ප‍්‍රමාණයේ අඩුමිල මෝටර් රථ වැඩි වශයෙන් නිපදවන්නේ ඉන්දියාව හේතුවෙන් මෝටර් රථ වැඩි වශයෙන් ආනයනය ඉන්දියාවෙන් සිදු කිරීමට සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ඉන්දීය මෝටර් රථ ජපාන හෝ අනෙකුත් මෝටර් රථවලට වඩා අඩු මිලකට ලබාගත හැකි නිසා මෙවර ආනයනය කරන මෝටර් රථ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානමකද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *