මාංචු දැමූ දුමින්ද දිසානායක CID වෙත රැගෙන එයි

අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන අංශය වෙත හිටපු අමාත්‍යවරයා ව රැගෙන ආ බවයි.

පසුගියදා හැව්ලොක්සිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවකගේ ගමන් මල්ලක බහා තිබියදී රන් ආලේපිත ටී56 ගිනිඅවියක් සොයා ගැනුණා.

එම විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් සිදු කෙරුණු අතර, අත් අඩංගුවට ගත් සැකකාර පුද්ගලයෙකු පවසා ඇත්තේ එම ගිනිඅවිය තමන් හට සැකකාර දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබූවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *