නුවරඑළිය බස් අනතුරේ පිරිසට පොලිසියේ නවාතැන් සහ ආහාර පාන දෙයි

නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථයේ රෝහල් ගත කර සිටින තුවලකරුවන්ට සහ බස් රථයේ ගමන් ගත් සෙසු පිරිසට නුවරඑලිය පොලිසිය මගින් ආහාර පාන ලබා දීමට කටයුතු කර ඇත.

බස් රථය අනතුරට පත් වීමෙන් පසු තුවාලකරුවන් රෝහල් ගත කර බස් රථයේ සිටි කුඩා ළමුන් දෙදෙනෙකුට නුවරඑලිය පොලිසිය වෙත වෙනත් බස් රථයකින් රැගෙන විත් පොලිසිය තුළ නවාතැන් පහසුකම් ලබා දී එම පිරිසට අවශ්‍ය ආහාරපානද ලබා දුන් බවයි නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

කුරුණෑගල කෝන් ගස්වැව ප්‍රදේශයේ පිරිසක් (23) දින බදුල්ල මුතියංගණ විහාරස්ථාය වැද පුදාගෙන පසුව ඇල්ල ආරුක්කු පාලම නරඹා ආපසු නුවරඑලිය හරහා කුරුණෑගල දක්වා ගමන් කරමින් සිටියදි රාත්‍රි 11.10ට පමණ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇත.

ධාවනය වෙමින් තිබු බස් රථය වරඑලිය පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිළධාරින් නුවරඑලිය ශාන්තිපුර මංසන්ධියේදි බස් රථය නතර කර පරික්ෂාකර බලා එම මාර්ගය දැඩි බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවට රියදුරාව දැනුවත් කර සැලකිලිමත් ලෙස රිය ධානවනය කරන ලෙස උපදෙස් ලබා දී බස් රථය පිටත් කර යවා විනාඩි 10කින් පසු බස් රථය පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවත්, රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු කියා සිටියේ.

නුවරඑලිය කොට්ටාශභාර ජේෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ හක්මණ මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑලිය පොලිසියේ රථාවාහන අංශයේ නිළධාරින් අනතුර පිලිබද පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *