සජබ සභාපති ධුරය යළි භාර ගන්න ඉම්තියාස් බැහැ කියයි

සමගි ජන බලවේගයේ සභාපති ධුරය නැවත භාර ගැනීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

ඉකුත් දා පැවති මහ මැතිවරණයෙන් මදකට පසුව ඒ මහතා සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් ඊට පසුව පැවති සජබ සම්මේලනයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සජබ සභාපති ධුරය සඳහා නැවතත් බාකිර් මාකර් මහතා පත් කරනු ලැබීය.

කෙසේ වෙතත්, ඒ මහතා නැවත සජබ සභාපති ධුරය භාර නොගනු ඇතැයි එම පක්ෂයේ ප්‍රබලයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *