මැයි 29 එන්න – විමල් වීරවංශට අල්ලස් කොමිසම දැනුම් දෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, එම කොමිසම හමුවට කැදවා තිබේ. 

ඊයේ හිරු නාලිකාවේ සලකුණ දේශපාලන සංවාදයට සහභාගී වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය. 

ඔහු පවසන ආකාරයට, අල්ලස් කොමිසම ඔහුට දැනුම් දී ඇත්තේ මැයි මාසයේ 29 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. 

නමුත් එදින තමන්ට වෙනත් නඩුවකට පෙනී සිටීමට සිදුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටින බවද ඔහු පැවසී ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *