විදෙස් ආයෝජකයින්ට දෙන්න ගාලු කොටුවේ හමුදා කදවුර ඉවත් කරයි

ගාලු කොටුවේ පිහිටි හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පියවර නිර්දේශ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නලින් හේවගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.

ගාලු කොටුවේ ඇති සියලුම රජයේ කාර්යාල වෙනත් ස්ථාන කරා ගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

ගාල්ල නගරයට ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදා කඳවුරක් සහ පොලිස් මූලස්ථානයක් ඇති බවත් හමුදා කඳවුරක අවශ්‍යතාවය මතු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

හමුදා කඳවුර ගෙන යාමෙන් පසු ගාලු කොටුව සඳහා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව ඔහු එහිදී තව දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *