නොසිතන මැති ඇමතිවරුන් පිල් මාරුවට සූදානම් – මන්ත්‍රීලා පිටුපස රහස් පොලීසියෙන්

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මැති ඇමැතිවරුන් විපක්‍ෂය සමග එක්වන්නේ දැයි සෙවීමට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුපස හඹායන බව වාර්තා වේ.

විශේෂයෙන්ම පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් පිරිසක් සමගි ජනබලවේගය සමග එක්වීමට ගෙන ඇති තීරණ සහ ඔවුන්ගෙන් සජබය සමග කඩින් කඩ එක්වන්නේ කවුදැයි යන්න සොයා බැලීමට මෙලෙස බුද්ධි අංශ නිලධාරීන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුපස මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පසුපස ද මෙලෙස ගමන් කරන බව පැවසේ.ඒ අනුව පක්‍ෂ මාරු කරනු ඇතැයි නොසිතන පොහොට්ටුවේ දේශපාලනඥයන් රැසක් සජබය සමග එක්වීමට රහස් සාකච්ඡා පවත්වන බවට මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන ඇත.සජබය සමග එක්වන එවැනි දේශපාලනඥයන් ඉතා රහසේ මෙන්ම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට සමීප ප්‍රබලයන් කිහිප දෙනකු සමග පමණක් අදහස් හුවමාරු කර ගැනීම නිසා බුද්ධි අංශ නිලධාරීන්ට මෙලෙස මන්ත්‍රීවරුන් පසුපස යෑමට සිදුව ඇතැයි ද පැවසේ.

දිවයින ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *