ශ්‍රි ලංකාව සහ ඉන්දියාව යා කරමින් ගොඩබිමින් පාරක් හදයි

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී පැවසීය.

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරමේ සිට ඉන්දියාව දක්වා මෙම ගොඩබිම් සබඳතාවය ඇති කිරීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ  බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටක් ලෙස කලාපීය සහයෝගීතාවය වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *