ආණ්ඩුව ආසන 151ක බලය පිහිටවුයි,සජබට එකක්වත් නෑ – ස්වාධින අයත් සභාවක බලය පිහිටුවයි

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද ආරම්භ කෙරුණා.

අනුව අදාළ ආයතන 161න් ජාතික ජන බලවේගය පිහිටුවන ලද පළාත් පාලන ආයතන ගණන 151ක් වනවා.

කෙසේ වෙතත් අදාළ ආයතනවලින් එකදු ආයතනයක හෝ බලය පිහිටුවීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබී නැහැ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, බලය පිහිටුවා ඇති පළාත් පාලනය ආයතන ගණන 06ක්, ජාතික කොංග්‍රසය 02ක් , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01ක් සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් ආයතන සංඛ්‍යාව 01ක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සමගි ජන බලවේගය ලබා ගත් ආයතන සංඛ්‍යාව 0ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 0ක් සහ එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ආයතන සංඛ්‍යාව 0 බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *